චෙක් ජනරජයේ පිහිටි Lidice ගම්මානය දෙවන ලෝක යුධ සමයේ ජර්මන් නාසි හමුදා පාලනය කල ප්‍රදේශයක්.එවකට එම ප්‍රදේශයේ ප්‍රධාන හමුදා නිළධාරිවරයාවූයේ Reinhard Heydrich නම් උසස් ජර්මන් හමුදා නිළධාරියාය.


1942 මැයි 27 එල්ලවූ ප්‍රහාරයකින් මෙම නිළධාරියා දැඩි ලෙස තුවාල සිදුවන අතර 1942 ජූනි 04 ඔහු මිය යනවා.ඔහුගේ මිය යාමෙන් පසු ජර්මන් හමුදා විසින් මෙම ප්‍රහාරයට Lindice ගම්මානයේ වැසියන් සම්බන්ධ බවට සැක කරන ලදි. ඒ අනුව එම සැකය පිට තම හමුදාවන්ට එරෙහිව ක්‍රියා කරන්නන් හට මුහුන පෑමට සිදුවන තත්වයට  උදාහරණයක් සැපයීමට ජර්මන් හමුදා විසින් මෙම ගම්මානයට ප්‍රහාරයක් එල්ල කිරීමට තීරනය කරනු ලබනවා.


1942 ජූනි 10 මධ්‍යම රාත්‍රියේ ගම්මානයට පැමිනි නාසි හමුදා නිලධාරින් විසින් ගම්මානයේ සියලුම ගම්වාසීන් ගමෙහි ප්‍රධාන ස්ථානයකට රැස් කරනු ලබනවා.පසුව සියලුම අවුරුදු 15 ට වැඩි පිරිමින් සියලුදෙනා Horaks නම් ගොවිපලකට රැගෙන යනු ලබනවා.එමෙන්ම සියලුම කාන්තාවන් හා කුඩා ලමුන් Kladno නම් ප්‍රදේශයේ පාසලට රැගෙන ගොස් ඇත.


පසුව සියලුම වයස් අවුරුදු 15ට වැඩි පිරිමින් 173ක්  වෙඩි තමා ඝාතනය කර ඇත.එමෙන්ම තම ස්වාමිපුරුෂයන් අත්හැර දමා යාම ප්‍රකාශ කල කාන්තාවන්ද වෙඩි තබා ඝාතනය කර ඇත.එසේම  කාන්තාවන් 184ක් හා කුඩා ළමුන්  කදවුරකට රැගෙන යන අතර එහිදී ඔවුන් ගෑස් කුටි වල දමා පුළුස්සා අමානුෂික ලෙස ඝාතනය කර ඇත.කුඩා ළමුන් 81ක් එකම දිනයේ එලෙස පුළුස්සා ඝාතනය කර ඇත. රැගෙන ගිය කුඩා ළමුන් අතරින් 17ක් පමනක් විව්ධ හේතු මත  දිවි ගලවාගැනීමට සමත්ව ඇත.


ප්‍රහාරයට පසු මේ පිලිබදව අදහස් දැක්වූ ඇමරිකානු නාවික හමුදාවේ ඉහල නිළධාරියකු ප්‍රකාශ කර ඇත්තේ “”අනාගත පරම්පරාව අපෙන් ඇසුවොත් මොකටද අපි මෙම යුද්ධය කලේ කියා අපි ඔවුන්ට Lidice ගම්මානයේ කතාව කියන්නෙමු “” ලෙසය.


පින්තූර - ඝාතනය කරන ලද කුඩා ළමුන් සිහි කරනු පිනිස නිර්මානය කර ඇති පිළිමයන්.



ඝාතනය කල කුඩා ළමුන් සිහිකිරීමට නිර්මානය කර ඇති ස්මාරකයන්.