ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කමලා හැරිස් මහත්මියගේ ස්වාමිපුරුෂයා වන Doug Emhoff මහතාට හදිසි අබැද්දියකට අද දිනයේදී මුහුණ පෑමට සිදුව තිබේ.
වොෂින්ටන් නගරයේ Dunbar නම් උසස් පාසලක සිදුකල සංචාරයකදී ඔහු සභාවක් අමතමින් සිටින අතරතුර ඇතිවූ බෝම්බ තර්ජනයක් හේතුවෙන් හදිසියේ ඔහුව ගොඩනැගිල්ලෙන් ඉවත්කර ගැනීමට Secret Service නිළධාරීන් කටයුතුකර ඇති බව වාර්තා වේ.
පසුව පාසලේ සිසුන් හා ගුරුවරු ඇතුළු සියළුම දෙනා ගොඩනැගිලිවලින් ඉවත් කිරීමට කටයුතුකර ඇත.අදාල බෝම්බ තර්ජනය පිළිබදව මේ වන විට පරීක්ෂණ සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
Doug Emhoff මහතා ආරාක්ෂාකාරී බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක Katie Peters මහත්මිය නිවේදනයකර ඇත.
0 Comments