ලෝක ඉතිහාසයේ නොමැකෙන  විශිෂ්ට විද්‍යාඥවරියක් වන මාරි කියුරි මහත්මිය හා ඇයගේ ස්වාමිපුරුෂයා වූ පියෙර් කියුරි සිය වැඩිමහල් දියණිය වන අයිරින් කියුරි සමග.(පළමු ඡායාරූපය)

මෙම ඡායාරූපයේ ඇති විශේෂත්වය වන්නේ මේ ඡායාරූපයේ සිටින පුද්ගලයන් තිදෙනා විසින්  නොබෙල් ත්‍යාග 4ක් දිනාගෙන තිබීමයි.

මාරි කියුරි මහත්මිය භෞතික විද්‍යාව සදහා 1903 වසරේදී හා රසායනික විද්‍යාව වෙනුවෙන් 1911 වසරේදී නොබෙල් ත්‍යාගය දිනාගැනීමට සමත්විය.

ඇයගේ ස්වාමිපුරුෂයා වූ පියෙර් කියුරි මහතාද 1903 වසරේදීම භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාග දිනාගැනීමට සමත්විය.

ඡායාරූපයේ සිටින වැඩිමහල් දියණිය වූ අයිරින් කියුරි මහත්මිය 1935 වසරේදී රසායනික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

මීට අමතරව එම පවුලේම ජීන් ෆෙඩ්‍රික් ජුලියට් කියුරි (අයිරින් කියුරිගේ ස්වාමිපුරුෂයා ) 1935 වසරේදීම රසායනික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනාගැනීමට සමත්විය.

හෙන්රි රිචර්ඩ්සන් ලැබියුෂෙ (මාරි හා පියේරේගේ අනෙක් බෑනා) 1965 දී නොබෙල් සාම ත්‍යාගය දීනා ගැනීමට සමත්විය.(UNICEF ආයතනය වෙනුවෙන්)

මේ අනුව ලෝකයේ විශාලතම නොබෙල් පවුල ලෙස සැලකෙන්නේ කියුරි පවුලයි.

හෙන්රි රිචර්ඩ්සන් ලැබියුෂෙ
 
අයිරින් කියුරි

 ජීන් ෆෙඩ්‍රික් ජුලියට් කියුරි (අයිරින් කියුරිගේ ස්වාමිපුරුෂයා