යුක්‍රේනයේ තවමත් රැදී සිටින සියළුම ඇමරිකානු පුරවැසියන් වහාම එරටින් පිටවන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශකර ඇත.
ඉතාම නුදුරේදී යුක්‍රේනය තුල වාතාවරණය නරක අතට හැරිය හැකි බවත් රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කලහොත් යුක්‍රේනය තුල සිටින ඇමරිකානුවන් බේරාගැනීමට ඇමරිකානු හමුදා යෙදවිය නොහැකිබවත් ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත.
අප ගණුදෙනු කරමින් සිටින්නේ ලෝකයේ විශාලතම හමුදාවක් සමග බව හා ඇමරිකානු හමුදා හා රුසියානු හමුදා එකිනෙකාට වෙඩිතබා ගැනීමට පටන්ගතහොත් එය ලෝක යුද්ධයක් වියහැකි බවත් අප වර්තමානයේ සිටින්නේ වෙනස්ම ලෝකයක බවත් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත.යුක්‍රේනයෙන් පිටවන ඇමරිකානු පුරවැසියන් බේරාගැනීමට ඇමරිකානු හමුදා යොදවනවාදැයි මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශකර ඇත.
යුක්‍රේන දේශසීමාව අසල ලක්ෂයකට අධික රුසියානු හමුදා ස්ථානගත කර ඇතිමුත් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට තමන් හට කිසිදු සැලැස්මක් නොමැති බව මොස්කව් පරිපාලනය සදහන්කර ඇත.
නෙදර්ලන්තය,ජපානය හා දකුණු කොරියාව ඇතුළු රටවල් ගනනාවක් යුක්‍රේනය තුල සිටින තම පුරවැසියන් හට එරටින් පිටවන ලෙස මේ වන විට නිවේදනයන් නිකුත්කර අවසන්ව ඇත.
0 Comments