මෙම මාතෘකාව ගැන මම කතා කරන්න කැමතියි පොදු විඥානය තුළ ඉඳගෙන ගැහැනියෙකු හැටියටත් පිරිමියෙකු හැටියටත් නැතුව ......
"සුරතාන්තය" වැනි අවශ්‍යම වටිනාම වචනය සංස්කෘතිය තුළ සැඟවීම එක්තරා සාහසික කමක් කියලා මට හිතෙන්නේ.
සුරතාන්තය යන්නෙහි නිරුක්තිය සුරත්+අන්තය = සුරාතාන්තය, දෙවියන්ගේ අමෘත පානය...මිනිසුන් ලෙස ස්ත්‍රී පුරුෂ දෙඅර්ධයම එක්ව නිර්මාණය කරගත හැකි උපරිම වින්දනාත්මක ප්‍රමෝදය ...මෙයයි. ලිංගිකය පාපයක් නොවේ. එය මේ පෘථවිය ධාතුව තුළ ඇති වඩාත්ම ස්වභාවිකව වූ දෙයයි.
ගැහැනියකට සුරතාන්ත කීපයක්ම තියෙනවා. එය අපරිමිතයක්. ලිංගිකත්වය පැත්තෙන් පිරිමියා හරිම දුර්වලයි.එය සීමා සහිතයි. පිරිමියාගේ සුරතාන්තය ස්ථානගතයි. එය පිරිමියාගේ ලිංගේන්ද්‍රියට පමණක් සීමා වෙනවා. නමුත් ගැහැනියකගේ කය හරියට සිතාරයක් වගේ. සිතාරය පුරාම තත් තියෙනවා. සම්පූර්ණ සිතාරයම වයන්න අවශ්‍යයි.
ඇයගේ මුළු සිරුරම ලිංගිකයි. පිරිමියාට හිමි එක් සුරතාන්තයක් පමණයි. මේ හේතුව නිසා ඇයට ඉතා චමත්කාරජනක සුරාතාන්ත අත්දැකීමක් ලබා ගත හැකියි.
මෙහි ඛේදවාචකය නම් පිරිමියා තමන්ගේ ලිංගික ආවේග පහ කරගන්න පමණක් ඈ යන්ත්‍රයක් ලෙස යොදා ගන්නවා. ඇයගේ මුළු සිරුරම අවදිකිරීමට පිරිමියා උද්‍යෝගයක් දක්වන්නෙ නැහැ. පිරිමියා සම්පූර්ණයෙන්ම අසමත් වෙනවා. තත්පර කිහිපයක් ඇතුලත ඔහු නිමාවට පත්වෙනවා.
පිරිමියා අවසන් කරන විට ඇය ආරම්භයටවත් පැමිණ නැහැ. ආදරය කර අවසන් වූ හැටියේම පිරිමියා අනෙක් පසට හැරී නිදාගන්නවා. මේ එක්තරා ආකාරයක පිරිමියාගේ සාහසික කමක්. ඇය පාවිච්චි වෙනවා පමණයි.
ලිංගිකව එක් වීමකදී එකම සංසර්ග ක්‍රියාවලියේ ගැහැනියට සුරතාන්ත කිහිපයක්ම ලඟාකරගත හැකියි. පිරිමියාට ලිංගික අවසාන ප්‍රබෝධයට ...එහෙම නැත්නම් සුරතාන්තයට පත් වීමට ගත වන්නේ විනාඩි 04 ක් වැනි කෙටි කාලයක්. ගැහැනියට උපරිම ආකාරයෙන් විනාඩි 20 ක කාලයක් අවශ්‍යයි. පිරිමියාගේ කලබලය සහ අධානග්‍රාහිත්වය නිසා සියලු දේ වේලාසනින්ම අවසන් වෙනවා.
ගැහැනිය පිරිමියාට යුධ ප්‍රකාශ කිරීමේ හේතුව මෙයයි. මුළු සබඳතාවයම සදහටම විනාශ වෙනවා.
ප්‍රියන්ත විතානගේ
21/02/2022
0 Comments