ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට නිල වශයෙන් පත්වීමෙන් පසු රෝහිත් ශර්මා නායකත්වය ලබාදුන් පළමු තරගයේදීම ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වී ඇත.ඒ අනුව තරග තුනකින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කරමින් ඉන්දියාව මේ වන විට තරගාවලිය ඉදිරියෙන් සිටී.

 පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 43.5ක දී සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 176ක් පමණි.ජයග්ග්‍රාහි ඉලක්කය හබාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 28ක දී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සාර්ථක ලෙස ජය ගැනීමට සමත් විය.

 පන්දුවාර 9.5 කදී ළකුනු 49කට කඩුළු 4ක් බිදදැමූ Yuzvendra Chahal තරගයේ වීරයා බවට පත්විය.