ඊස්රායල අගමැතිවරයා හා ඇමරිකානු ජනාධිපතිවරයා.

පසුගිය දිනකදී ඇමරිකානු හමුදා විසින් ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කල Abu Ibrahim al-Quraishi යේමන්යේදී ඝාතනය කිරීමට සමත් විම පිළිබදව තමන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා වෙත ස්තූතිය පුදකල බව ඊස්රායල අගමැති නෆ්ටාලි බෙනට් මහතා ප්‍රකාශකර ඇත.

එම සාකච්ඡාවේදී මීට අමතරව ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාප්ති පිළිබදව,රුසියාව හා යුක්‍රේනය අතර ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය පිළිබද සාකච්ඡා සිදුකල බව ඊස්රායල අගමැතිවරයා ප්‍රකාශකර ඇත.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඊස්රායලයට ලබාදෙන සහයෝගයට තමන් ස්තූතිය ප්‍රකාශ කල බවත් ඊශ්‍රායලයේ  සංචාරයක් සදහා තමන් ඇමරිකානු ජනාධිපතිවරයා හට ආරාධනා  කල බව ඔහු ප්‍රකාශකර ඇත.