ඇමරිකාවේ පැවති සිවිල් යුද්ධයෙන් පසු ඇමරිකාවේ පැන නැගි දරුණුම අර්බුදයක් වූයේ කළු සුදු ලෙස පැන නැගි වර්ණභේදවාදයයි.එම කාලසීමාව තුලදී ඇමරිකාවේ ජීවත්වූ කළුජාතිකයන්ට මුහුණ දීමට සිදුවූ අප්‍රසන්න සිදුවීම් ප්‍රමාණය අතිමහත්.


මෙම වර්ණභේදවාදයට එරෙහිව නැගීසිටි පුද්ගලයා වූයේ මාර්ටින් ලූතර් කින්ග්.


1963 වසරේ අගෝස්තු 28 වෙනිදා ඇමරිකාවේ වොෂින්ටන් නුවර ලින්කන් ස්මාරකය ඉදිරිපිටදී මාර්ටින් ලූතර් කින්ග් පුද්ගලයන් ලක්ෂ ගනනක් ඉදිරියේදී ඔහුගේ ලෝකප්‍රකට දේශනය වූ "I have a dream " දේශනය පවත්වනවා.එහිදී වර්ණභේදය ,ජාතිවාදය නොමැති ලොවක් දැකීමට තමන් සිහින මවන බව ලෝකයේ ඉදිරියේ ප්‍රකාශ කරනවා.මේ ඡායාරූපය ගන්නේ එම දේශනය අතරතුරදී.


1968 වසරේ අන්තවාදියකුගේ වෙඩි පහරින් මියයන මාර්ටින් ලූතර් කින්ග් මේ වන විට මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව පෙනීසිටි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වී අවසන්.


වර්ථමානයේදීත් ඇමරිකාවේ මෙම  වර්භේදවාදය යම් යම් අවස්ථාවන් වලදී මතුවූවත් කළු ජාතිකයකුවූ බැරක් ඔබාමා සිය ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට ඇමරිකානුවන්  කටයුතු කිරීම ඇමරිකානු ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයක්.